Learn About Us
ආදරණිය දෙමාපියනි, දරුවනි,
ඔබගේ එකම අරමුණ තමන්ගේ දරුවන්ට උසස් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම බව දන්නා කරුණකි. නුතන ලෝකයේ සියලුම දැනුම් පද්ධති අපේ දැතට පැමිණ ඇති කාලසීමාවක් තුළ, අප රටක් වශයෙන් අපගේ සියලුම ක්ෂේත්රයන් තුළ ක්‍රමවේදයේ වෙනසක් කිරීම ගැන කතා කරනු ලබයි. ඒ අතරින් අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කිරීම ඉතාමත් වැදගත් වේ. මන්ද අනෙක් සියලුම ක්ෂේත්රයන් තුළ අනාගතයේ යම් දිනක නියෝජනය කරනු ලබන්නේ අධ්‍යාපනය තුළින් ගොඩනැගෙන ඔබගේ දුවා දරුවන් ය.
පාසල් අධ්‍යාපනයේ වැදගත්ම මේන්ම වෘත්තීය අධ්‍යාපනයේ වටිනාකම් වටහා ගත් මා මේ වන විට ITMI CAMPUS නම් උසස් අධ්‍යාපන ආයතනය බිහිකර නුතන තාරුණ්‍යයට වෘත්තීය පාඨමාලාවන් හඳුන්වා දෙමින් දහස් සංඛ්‍යාත පිරිසට වෘත්තීය දැනුම ලබාදීමට කටයුතු කළෙමි. එමෙන්ම CTMC Association එක හරහා දීප ව්‍යාප්ත සමාජීය සේවා ජාලාවක් ඉටු කළෙමි. මේ වන විට අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින අවශ්‍යතාව වටහා ගත් අප, මේ වන විට Ceylon Buddhist College නමින් පුද්ගලික පාසලක් ආරම්භ කර ඇත. ඒ මගින් සිංහල හා ඉංග්‍රිසි මාධ්‍යයෙන් සියලුම විෂය ධාරාවන් පහසු ඉගැන්වීමේ රටාවක් අනුගමනය කරමින් සිදු කෙරෙයි. මුදල් පසුපස පමණක් යන ජාත්‍යන්තර පාසල් ක්‍රමය වෙනුවට පහසු සහනදායි ගෙවිම් ක්‍රමවේදයක් තුළින් ගුණාත්මක අධ්‍යාපනයක්, මේන්ම ගුණයහපත් දරු පිරිසක් දැයට දායාද කිරීම මාගේ අරමුණයි.